20ට එරෙහි පෙත්සම් විභාගය අවසන්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙන 20 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට අදාළ පෙත්සම් විභාග කිරීම ⁣ශ්‍රේෂ්ඨාධිකරණය විසින් අවසන් කර තිබේ.
ඒ අනුව ශ්‍රේෂ්ඨාධිකරණ තීරණය කථානායකවරයා සහ ජනාධිපතිවරයා වෙත යැවෙනු ඇති.
20 වැනි ව්‍යවස්ථා සංශෝධනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයට පෙත්සම් 39 ක් ඉදිරිපත් කර තිබුණි.
අගවිනිසුරු ජයන්ත ජයසූරිය, බුවනෙක අළුවිහාරේ, සිසිර ද ආබෘ , ප්‍රියන්ත ජයවර්ධන හා විජිත් මලල්ගොඩ යන පංච පුද්ගල විනිසුරු මඩුල්ලක් හමුවේ මෙම පෙත්සම් විභාග විය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here