කොවිඩ් ආසාදිත කාන්තාවක් දිවුලපිටියෙන් හඳුනා ගැනේ.

දිවුලපිටිය ප්‍රදේශයේ පදිංචි කාන්තාවකට කොවිඩ් 19 ආසාදිත බව හඳුනාගෙන මේ වන විට IDH රෝහලට ඇතුළත් කර තිබේ.

39 හැවිරිදි ඇය උණ රෝගී තත්ත්වයක් හේතුවෙන් ගම්පහ රෝහලට  ඇතුලත්කර ඇති අතර එහිදී සුව වී නිවසට යවන අවස්ථාවේ සිදුකල PCR පරීක්ෂණයෙන් කොවිඩ් 19 ආසාදිත බවට හදුනාගෙන තිබේ.

ඒ් අනුව ගම්පහ රෝහලේ කාර්ය මණ්ඩලය 15 පමණ සහ ඇය සේවය කල පුද්ගලික ආයතනයේ සේවකයින්  40ක් පමණ  නිවාස තුල නිරෝධනයට ලක් කර තිබේ.තවත් ආශ්‍රිතයන් හඳුනාගනිමින් සිටින අතර මෙම ආශ්‍රිතයන්ගේ PCR පරීක්ෂණ ප්‍රතිඵල මත තවදුරටත් ඉදිරි පියවර ගන්නා බව සෞඛ්‍ය අංශ පවසයි.

එම කාන්තාවට කොවිඩ් ආසාදනය වූ ආකාරය  පිළිබඳව ⁣පරීක්ෂණ කරමින් ⁣පවතී.

මෙම අවස්ථාවේ සෞඛ්‍ය උපදෙස් පිළිපදිමින් කටයුතු කරන ලෙස සෞඛ්‍ය අංශ ජනතාවගෙන් ඉල්ලා සිටියි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here