මහාචාර්ය සෞම්‍ය ලියනගේ නැවත සේවයේ පිහිටුවන්න…..

මේ වනවිට කුමන්ත්‍රණකාරී ලෙස ආචාර්යවරුන් දඩයම් කිරීම ආරම්භ කර ඇති බවත් අසාධාරණය ලෙස සේවයෙන් පහත දැමූ මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා නැවත සේවයේ පිහිටුවන ලෙසත් සඳහන් කරමින් “සෞන්දර්ය කලා විශ්වවිද්‍යාල සාධාරණත්වය උදෙසා එකමුතුව” ඊයේ (29) සංවිධානය කර තිබු සාමකාමී උද්ඝෝෂණයක් විශ්වවිද්‍යාල ප්‍රතිපාදන කොමිෂන් සභාව ඉදිරිපිට පැවැත්වූහ.

මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතා නැවත සේවයේ පිහිටුවිම, කුමන්ත්‍රණකාරීව ආචාර්යවරුන් දඩයම් කිරීම අත්හිටුවිම, ක්‍රම විරෝධි ලෙස 30 වැනිදා පැවත් වීමට නියමිත විශේෂ පාලක සභාව අත්හිටු වීම, නිසිබලධරයා ඉවත් කොට කඩිනමින් නව උපකුලපති පත් කිරීම ඇතුළු ඉල්ලීම් කිහිපයක් මෙම උද්ඝෝෂණයේදී ඉදිරිපත් විය.

මේ සඳහා විශ්ව විද්‍යාල ආචාර්යවරුන්, කලාකරුවන් හා සිසුන් පිරිසක් සහාගී වී සිටියහ.

සෞන්දර්ය කලා විශ්වවිද්‍යාලයේ නර්තන හා කලා පීඨයේ පීඨාධිපති,මහාචාර්ය සෞම්‍ය ලියනගේ මහතාගේ මහාචාර්ය පදවිය ඉවත් කිරීමට එම විශ්වවිද්‍යාලයේ පාලක සභාව පසුගිය දා තීරණයක් ගෙන තිබුණි.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here