VIDEO: විපක්ෂ නායක සජිත්ගේ රැළියට ගල් ප්‍රහාරයක් – සැකකරුවන් දෙකක් අත්අඩංගුවට

විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා සහභාගී වූ මහජන හමුවකට ගල් ප්‍රහාරයක් එල්ල වී තිබේ.

ඊයේ රාත්‍රියේ රත්මලානේ පැවති මෙම ජනහමුවට මෙසේ ගල් ප්‍රහාරය එල්ල වී තිබේ.ඉන් කිසිවෙකුටත් තුවාල සිදුව නොමැති බව පොලීසිය පවසයි.

මෙම ගල් ප්‍රහාරය එල්ල කිරීම සම්බන්ධයෙන් සැකකරුවන් දෙදෙනෙකු අත්අඩංගුවට ගෙන තිබේ.ඉන් එක් සැකකරුවෙකු අද අලුයම ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේදී අත්අඩංගුවට ගෙන ඇති අතර අනෙක් සැකකරු ගල්කිස්ස පොලීසියට භාරවීමෙන් අනතුරුව අද උදෑසන අත්අඩංගුවට ගෙන තිබේ.

ඔවුන් අවුරුදු 21 සහ 40 වයස්වල පසුවන ගල්කිස්ස, රෂ්ටම්වත්ත ප්‍රදේශයේම පදිංචිකරුවන් ය.

අත්අඩංගුවට ගත් සැකකරුවන් දෙදෙනා රක්ෂිත බන්ධනාගාර ගත කර තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here