හෙරොයින් සමඟ ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙක් අත්අඩංගුවට

ඉපලෝගම ප්‍රාදේශීය සභාවේ පොදුුජන පෙරමුණේ මන්ත්‍රීවරයකු ඇතුළු තවත් දෙදෙනෙකු හෙරොයින් සමග අත්අඩංගුවට ගෙන තිබේ.

හෙරොයින් ග්‍රෑම් 3යි මිලිග්‍රෑම් 65කට ආසන්න ප්‍රමාණයක් සමග ඊයේ (25) සවස ඉපලෝගම පොලීසිය හා යුදහමුදා බුද්ධි අංශ එක්ව සිදුකළ වැටලීමක දී මොවුන්  අත්අඩංගුවට ගෙන තිබේ.

ඉප⁣ලෝගම,සේනපුර සහ මහමීගස්වැව පදිංචිකරුවන් වන ඔවුන් වයස අවුරුදු 26,28,30 වන පිරිසක් බව පොලීසිය පවසයි.

සැකකරුවන් අද (26) කැකිරාව දිසා මහෙස්ත්‍රාත් අධිකරණයට ඉදිරිපත් කිරීමට නියමිතය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here