ඊජිප්තුවෙන් හමු වූ වසර 2500ක් පැරණි සෙහොන් බිම

ඊජිප්තුවේ කයිරෝ අගනුවරට කිලෝමීටර් 32 ක් (සැතපුම් 20 ක්) දකුණින් පිහිටි සක්කාරා නෙක්රොපොලිස් ප්‍රදේශයේ සිදුකළ කැණීමකින් ලීයෙන් තනා අලංකාර කෙරුණු ඉපැරණි මිනී පෙට්ටි 27ක් සහිත සොහොන් ගැබක් හමුවී ඇතැයි එරට සංචාරක හා පුරාවස්තු අමාත්‍යංශය පවසයි.

පවතින දත්ත අනුව මෙම සොහොන් ගැබ වසර 2,500ක පමණ අතීතයක් හිමි බව ඔවුන් සඳහන් කරයි. පොළෝ මට්ටමේ සිට අඩි 36ක් පහළින් මෙම සොයා ගැනීම සිදු කරගෙන තිබේ.

මේ මාසය ආරම්භයේදී සිදුකළ කැණීම්වලදී පළමු වරට මෙවැනි ලීයෙන් තැනූ මිනී පෙට්ටි 13ක් හමුව ඇති අතර, පසුව තවදුරටත් කළ කැණීම්වලදී තවත් එවැනිම මිනී පෙට්ටි 14ක් හමුවී තිබේ. ඒ අනුව සියවසකට වැඩි කාලයක් තුළ ඊජිප්තුවේ මෙතෙක් එකම ස්ථානයකදී හමුවුණු වැඩිම මිනී පෙට්ටි ප්‍රමාණය ලෙසද සැලකෙයි.

හොඳින් සංරක්ෂණය කරන ලද ලී මිනී පෙට්ටිවල ඡායාරූපවල මෙරූන් සහ නිල් පැහැති රේඛා මෙන්ම හයිරොග්ලිෆික් රූප සටහන් සහිත විසිතුරු හා සංකීර්ණ සිතුවම් පෙන්වයි.

මෙම මිනී පෙට්ටිවලට අමතරව ඉතා කුඩා ප්‍රමාණයෙන් සැකසු ප්‍රතිමා සහ පුරාවස්තු විශාල ප්‍රමාණයක්ද මෙම සොහොන් බිම තුළ තිබී හමුව තිබේ. මෙම පුරාවස්තු හමුවූ ස්ථානය ඊජිප්තුවේ පිහිටි ඉපැරණි අගනුවරක් ලෙස සැලකුණු මෙම්පිස් නුවරේම කොටසකි. මෙම නගරය අද වනවිට යුනෙස්කෝවේ ලෝක උරුමයක් ලෙසද නම්ව තිබේ.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here