සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් – රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංහ

අග්‍රාමාත්‍යවරයාගේ උපදෙස් පරිදි ඉදිරි මාස 02 තුළදී සමෘද්ධිලාභින් පිළිබඳව දීප ව්‍යාප්ත විධිමත් අධ්‍යනයක් සිදු කර සමෘද්ධිලාභි පවුල් පිළිබඳව සියළු විස්තර ලබා ගන්නා බවත් සමෘද්ධි සහනාධාරය ලැබිය යුතු පවුල් පිළිබඳව අවසන් තීරණය ගන්නේ මෙම සමීක්ෂණයේ ප්‍රථිපල මත සමෘද්ධි, ගෘහ ආර්ථික, ක්ෂුද්‍ර මූල්‍ය, ස්වයං රැකියා, ව්‍යාපාර සංවර්ධන හා ඌණ උපයෝජන රාජ්‍ය සම්පත් සංවර්ධන රාජ්‍ය අමාත්‍ය ශෙහාන් සේමසිංශ මහතා අද (23) පාර්ලිමේන්තුවේදී පැවසීය.

සමෘද්ධි සහනාධාරලාභී පවුල් සම්බන්ධයෙන් පාර්ලිමේන්තු මන්ත්‍රී ශාන්ත බණ්ඩාර මහතා අසන ලද වාචික පැනයකට පිළිතුරු දෙමින් රාජ්‍ය අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ ඒ පිළිබඳව සමෘද්ධි අධ්‍යක්ෂ ජනරාල්වරයාට උපදෙස් ලබා දී ඇති බවයි.

පසුගිය රජය විසින් 2019 ජනාධිපතිවරණය ඉලක්ක කරගෙන සමෘද්ධිලාභින් සංඛ්‍යාව 25% දක්වා වැඩිකළ බවත් පවුල් 433,900 ක් , සමෘද්ධිලාභින් ලෙස 2019 වසරේ එක් වූ බව සඳහන් කළ රාජ්‍ය අමාත්‍යවරයා ඒ අනුව සමෘද්ධිලාභී පවුල් සංඛ්‍යාව 17,84082 දක්වා වැඩි වූ බවද ඒ මහතා පාර්ලිමේන්තුවේදී පැහැදිළි කළේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here