20ට එරෙහිව ජවිපෙන් සම්මන්ත්‍රණ මාලාවක්

පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතව ඇති 20වන ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනයට
ජනතා විමුක්ති පෙරමුණ දැඩිව විරෝධය පළකරන අතර එම පක්ෂය පෙන්වා දෙන්නේ 19වැනි සංශෝධනය හරහා රටට ලැබුණු ප්‍රජාතන්ත්‍රවාදී අයිතීන් අහිමි කර නැවත විධායකය ශක්තිමත් කිරීමට වත්මන් ආණ්ඩුව උත්සාහ කරමින් සිටින බවයි. ඒ හරහා නැවත ඒකාධිපති පාලනයක් කරා රට ගෙනයාමට උත්සාහ කරන බවද ජනතා විමුක්ති පෙරමුණ පෙන්වා දෙයි.

මේ සම්බන්ධයෙන් ජනතාව දැනුවත් කිරීම මෙම සම්මන්ත්‍රණ මාලාවේ අරමුණ වන අතර එහි පළමු පියවර ලබන 24වැනිදා කොළඹ මහජන පුස්තකාල ශ්‍රවණාගාරයේදී පැවැත්වෙන බව ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර දිසානායක මහතා සඳහන් කරයි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here