ඉංජිනේරු පීඨ සඳහා වැඩිපුර සිසුන් 400ක් ඇතුලත් කරගැනීමට රජයෙන් තීරණයක්

මෙරට ප්‍රධාන ඉංජිනේරු පීඨ 06 සඳහා වැඩිපුර සිසුන් 405ක් ඇතුලත් කරගැනීමට තීරණය කළ බව අධ්‍යාපන අමාත්‍ය මහාචාර්ය ජී.එල්.පීරිස් මහතා පැවසයි. අමාත්‍යවරයා මේ බැව පැවසූයේ වෝඩ් පෙදෙසේ උසස් අධ්‍යාපන අමාත්‍යංශයේ දී පැවති සාකච්ඡාවට එක්වෙමිනි.

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, “අමාත්‍යවරයා වශයෙන් මා හෝ අප රජය විශ්වවිද්‍යාලවල පරිපාලන කටයුතු සඳහා මැදිහත් වීමට බලාපොරොත්තුවක් නැහැ. අපට අවශ්‍ය අතිගරු ජනාධිපතිතුමා ඉදිරිපත් කොට තිබෙන සෞභාග්‍යයේ දැක්ම ප්‍රතිපත්ති ප්‍රකාශනයට අනුව කටයුතු කරන්නට. එහි ඉලක්කයන් සපුරා ගන්නට. විශේෂයෙන් ම දැනට විශ්වවිද්‍යාල අධ්‍යාපනය සහ රැකියා වෙළඳපොළ අතර පවතින නොගැලපීමට පිළියම් සෙවීමට. ඒ සඳහා වෘත්තීය අභිමුඛ පාඨමාලාවක් වන ඉංජිනේරු පාඨමාලාව සඳහා මේ වසරේ නවක සිසුන් 405ක් ඇතුළත් කරගැනීම අප තබන ඉදිරි පියවරක්” යනුවෙන් පැවසී ය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here