මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය විවෘත කෙරේ…

ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා අද (19) පුත්තලම දිස්ත්‍රික්කයේ සංවර්ධන ව්‍යාපෘති නිරීක්ෂණ චාරිකවක නිරත වූ අතර එහිදී මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය විවෘත කිරීමද සිදු විය.

ඉතාලි රජයෙන් අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ට ලැබුණු පරිත්‍යාගයකින් ඉදිකළ මදුරන්කුලිය කෘෂි තාක්ෂණ ආයතනය සිසුන් 50 දෙනෙකුට නේවාසිකව ප්‍රායෝගික පුහුණුව ලබාදිය හැකි පරිදි සැලසුම් කර ඇත. මෙම කෘෂි තාක්ෂණ ආයතනය කොළඹ අගරදගුරු මන්දිරයේ අධික්ෂණය යටතේ පාලනය වෙයි.

මදුරන්කුලිය ආදර්ශ විද්‍යාලය වෙත ගිය ජනාධිපතිතුමා සිසු දරු දැරියන්ගේ ඉල්ලීම පරිදි විද්‍යාලයේ ක්‍රීඩාංගණය ඉදිකර දෙන ලෙස යුධ හමුදාපතිවරයාට දැනුම් දුන් අතර දළුව, නිර්මලපුර සුළං විදුලි බලාගාරය ද ජනාධිපතිතුමාගේ නිරීක්ෂණයට ලක් විය.

මෙම අවස්ථායවන්ට අගරදගුරු අතිඋතුම් මැල්කම් කාදිනල් රංජිත් හිමිපාණන්ද සම්බන්ධ විය.

 

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here