සම්පත් බැංකුව අරඹමු ශ්රී ලංකා තේමාව යටතේ Covid -19 හේතුවෙන් බලපෑමට ලක්වූ ආර්ථිකය නගා සිටුවීමට කැප වෙයි.

by Dharma sri Asanka

ව්‍යාපාර හා පුද්ගලයින් සවිබල ගැන්වීම සඳහා විශේෂ අඩු පොලී ණය හා රන් ණය පහසුකම් ලබා දෙයි.

 

ගෝලීය සෞඛ්‍ය හා ආර්ථික අර්බුදයෙන් පීඩාවට පත් ව්‍යාපාර හා පුද්ගලයින් සඳහා ලබා දෙන සහයෝගය තව දුරටත් වේගවත් කරමින් සම්පත් බැංකුව සිය ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධනය සඳහා විශේෂ ණය සහ රන් ණය පහසුකම් ලබා දීමට කටයුතු කර ඇත. පොලී අනුපාතයන් තනි ඉලක්කමක පවත්වා ගනිමින් 9%ක පොලී අනුපාතයක් යටතේ මෙම ණය පහසුකම් ලබා දීමට මෙහිදී සම්පත් බැංකුව කටයුතු කර තිබීම විශේෂත්වයකි.

 

සම්පත් බැංකුව විසින් ලබා දෙන සම්පත් දිරිය ණය පහසුකම්ද 9%ක පොලී අනුපාතයක් මත  ‘අරඹමු ශ්‍රී ලංකා’ ණය යෝජනා ක්‍රමය යටතේ ව්‍යාපාර සංවර්ධන විශේෂ ණය පහසුකමක් ලෙස ලබා ගැනීමට හැකියාව ඇත. එහිද ප්‍රාග්ධන ණය සඳහා මාස 120ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්ද, කාරක ප්‍රාග්ධන ණය සඳහා මාස 60ක් දක්වා ආපසු ගෙවීමේ කාලයක්දහිමි වනු ඇත. ආර්ථික අවදානම් තත්වයක් යටතේ මෙම කාල සීමාව ජය ගැනීමට වෙර දරන මධ්‍ය හා මහා පරිමාණ ව්‍යවසායකයන්ට කෙටි හා මධ්‍ය කාලීන ප්‍රාග්ධන අවශ්‍යතා සපුරා ගැනීමට සහාය වීම මෙම වැඩසටහනෙහි අරමුණයි. ඉදිරි ණය පියවීම් සඳහා අය කරන ගාස්තු සහ සැකසුම් ගාස්තු මෙම ණය පහසුකම් ලබා දීමේදී බැංකුව විසින් අය නොකරන අතර ගනුදෙනුකරුවන්ට ප්‍රාග්ධන ණය සඳහා මාස 12ක ණය සහන කාලයක්ද, කාරක ප්‍රාග්ධන ණය සඳහා මාස 6ක ණය සහන කාලයක්ද ඉල්ලුම් කළ හැකිය.

 

එසේම සම්පත් බැංකුව විසින් පුද්ගලයන්ගේ  හදිසි මුදල් අවශ්‍යතා සඳහා සහාය වීම වෙනුවෙන් 9%( වා.පො)ක අවම පොලී අනුපාතයක් යටතේ මාස 3ක රන් ණය සේවාවක්ද හඳුන්වා දෙනු ලැබීය. සියලු ශ්‍රී ලාංකිකයින් හට ළඟම සම්පත් බැංකු ශාඛාවෙන් මිනිත්තු කිහිපයකදී මෙම ණය මුදල ලබා දීමට සම්පත් බැංකුව කටයුතු කරමින් සිටියි. එහිදී බැංකුව විසින් කැරට් 24 රන් පවුමක් සඳහා රුපියල් 65,000ක අත්තිකාරම් මුදලක්ද, කැරට් 22 රන් පවුමක් සඳහා රුපියල් 60,000 ක අත්තිකාරම් මුදලක්ද ලබා දෙනු ඇත.

 

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා සඳහන් කර සිටියේ “ජාතික බැංකුවක් වශයෙන් අපි නිරන්තරයෙන් මෙරට ව්‍යාපාර හා පුද්ගලයන් සවිබල ගැන්වීම තුළින්  රටේ ආර්ථික වර්ධනයට අපගේ සහයෝගය ලබා දීමට කැපවී සිටිනවා. මෙවන් දුෂ්කර කාලයන්හිදී සියලු ශ්‍රී ලාංකිකයන් සමඟ සිටිමින් ආර්ථිකය නගා සිටුවීමේ අමතර වගකීමක් අප සතුව තිබෙන බව අපි තරයේ විශ්වාස කර සිටිමු. ඊට සමගාමීව කෙටි හා මධ්‍ය කාලීන ව්‍යාපාර සංවර්ධනයන් සඳහා ව්‍යාපාරයන්ට සහ පුද්ගලයන්ට අවශ්‍ය වන සංවර්ධන ණය සහ රන් ණය ඇතුළු විශේෂ අඩු පොලී ණය අපගේ “අරඹමු ශ්‍රී ලංකා” වැඩසටහන යටතේ ලබා දීමට කටයුතු කර තිබෙනවා. පෙර නොවූ විරූ ආකාරයේ ගෝලීය අර්බුදයක් හමුවේ ආර්ථිකය හා රට ශක්තිමත් කිරීම වෙනුවෙන් අප හා සම්බන්ධ සියලු පාර්ශවයන් සමඟ තව දුරටත් සමීපව කටයුතු කරනවා.” යනුවෙනි.

 

මෙම වසර මුලදී සම්පත් බැංකුව විසින් වසංගත තත්වයෙන් පීඩාවට පත් පුද්ගලයන් හා ව්‍යාපාරයන් සඳහා සහන සේවා රාශියක් ක්‍රියාත්මක කරනු ලැබූ අතර සහන කාලයක් සඳහා ඇතැම් ණය අය කර නොගැනීමටද කටයුතු කරනු ලැබීය. එසේම අගරු චෙක්පත් මෙන්ම ගෙවීම් නවතා ඇති සියලු චෙක්පත් සඳහා 2020.09. 30 දක්වා වන ගාස්තු අය නොකිරීමටද කටයුතු කරනු ලැබීය. සුළු හා මධ්‍ය පරිමාණ ව්‍යාපාර සහ ස්වයං රැකියා ලාභීන් සඳහා ඇතැම් ලීසිං පහසුකම් මත ආපසු ගෙවීමේ සහන කාලයක් ලබා දීමටද කටයුතු කරන ලදී. සම්පත් බැංකුවේ රුපියල් මිලියනයකට අඩු පුද්ගලික ණය හෝ සම්පත් ලීසිං පහසුකම් ආපසු ගෙවීමේදී සහන කාලයක් ලබා දීමද තවත් විශේෂ සේවාවකි. එසේම සම්පත් ක්‍රෙඩිට් කාඞ් ගනුදෙනුකරුවන් හට රුපියල් 50,000/- ක් දක්වා වන දේශීය වියදම් සඳහා 28%ක්ව තිබූ පොලී අනුපාතය 15%ක් දක්වා අඩු කර අය කිරීමට ද, ගෙවුම් ප්‍රකාශනයේ 5%ක් වූ අවම ගෙවීම 2.5% දක්වා අඩු  කිරීමටද සම්පත් බැංකුව කටයුතු කර ඇත. එසේම 2020 සැප්තැම්බර් 30 වනදා දක්වා ප්‍රමාද ගෙවුම් ගාස්තු කපා හැරීමටද බැංකුව පියවර ගෙන ඇත.

1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීනතම මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදටත් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස ඉදිරියට යමින් සිටියි. ගනුදෙනුකරුවන්ට ගැළපෙන විසඳුම්, විශිෂ්ට සේවය සහ ගනුදෙනුකරුවන්ට සමීප බව හේතුවෙන් ක්ෂේත්‍රය තුළ සම්පත් බැංකුවේ අනන්‍යතාව තහවුරු කර ඇති අතර ඒ නිසාම බොහෝ ශ්‍රී ලාංකිකයන්ගේ තේරීම බවටද සම්පත් බැංකුව පත්ව ඇත.

ඡායාරූපය –

සම්පත් බැංකුවේ කළමනාකාර අධ්‍යක්ෂ නන්ද ප්‍රනාන්දු මහතා

Leave a Comment

one × four =

සබැඳි සටහන්....