සම්පත් බැංකුව අඛණ්ඩව දෙවන වරටත් ශ්රී ලංකාවේ ප්රියතම බැංකු වෙළෙඳ නාමය ලෙස විශිෂ්ටත්වය තහවුරු කරයි.

by Dharma sri Asanka

2020 වසර සඳහා නිකුත් කරන ලද LMD හි වාර්ෂික වෙළෙඳනාම ප්‍රකාශයට අනුව සම්පත් බැංකුව ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම සන්නාම 10 අතරට පැමිණෙමින් ජනතා ප්‍රසාදය තව දුරටත් තමන් සතු කර ගැනීමට සමත්ව ඇත. Brand Finance සමඟ එක්ව Media Services විසින් ප්‍රකාශයට පත් කර ඇති LMD වාර්ෂික වෙළෙඳනාම ප්‍රකාශය තුළින් ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම සන්නාමයන්හි ක්‍රියාකාරීත්වය හා ජයග්‍රහණ පිළිබඳ පුළුල් විශ්ලේෂණයක් සිදු කරනු ලබයි.

 

මේ වසරේ ශ්‍රේණිගත කිරීම්හිදී අඛණ්ඩව දෙවන වරටත් වඩාත් ප්‍රිය කරන වෙළෙඳ නාම කාණ්ඩයේ 10 වැනි ස්ථානය හිමි කරගත් සම්පත් බැංකුව එම වෙළෙඳ නාම 10 අතරට පැමිණි එකම බැංකුව වීම විශේෂත්වයකි. ශ්‍රී ලංකාවේ FMCG දැවැන්තයින් අතර මෙම ශ්‍රේණි ගත කිරීම්හි එකම බැංකුව බවට පත් සම්පත් බැංකුව ඒ තුළින් පාරිභෝගිකයා කෙරෙහි වන හෘදයාංගම බව සහ සුවිශේෂීත්වය මනාව පිළිබිඹු කරනු ලබයි. එසේම මේ වසරේ වඩාත් වටිනා පාරිභෝගික වෙළෙඳනාම කාණ්ඩයේ 5වැනි ස්ථානය හිමි කර ගැනීමට සම්පත් බැංකුව සමත්ව ඇත්තේ පසුගිය වසරට වඩා ස්ථාන 2කින් ඉදිරියට පැමිණෙමිනි.

 

මෙහිදී පාරිභෝගිකයන්ට තවදුරටත් සම්පත් බැංකුව තුළින් බලාපොරොත්තු විය හැකි දේ පිළිබඳව අදහස් දැක්වූ සම්පත් බැංකුවේ ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සාමාන්‍යාධිකාරී තාරක රන්වල මහතා “පසුගිය වසරේදී ශ්‍රී ලංකාවේ වඩාත් ප්‍රියතම වෙළෙඳනාම 10 අතරට එක් වීමෙන් පසු ගනුදෙනුකරුවන්ට වඩාත් තෘප්තිමත් සේවාවක් ලබා දෙමින් එම ස්ථාවරය ඉදිරි වසර තුළදීත්  පවත්වා ගැනීමට අපි නිරන්තරයෙන් උත්සාහ කළා. අපගේ එම උත්සාහය සාර්ථක වී ඇති බවට මේ තුළින් වඩාත් පිළිබිඹු වන බව පැවසිය යුතුයි. ඒ වගේම සම්පත් බැංකුවෙන් ගනුදෙනුකරුවන් බලාපොරොත්තු වන පුරෝගාමී මෙහෙවර නිරන්තරයෙන් ඔවුන් වෙත ලබා දීමටත් එමඟින් වැඩි පහසුවක් මෙන්ම ප්‍රතිලාභයක් ඔවුන් වෙත හිමි කර දීමටත් සම්පත් බැංකුව ඉදිරියේදී තව තවත් කටයුතු කරන බවට සහතික විය හැකියි” යනුවෙන් පවසා සිටින ලදී.

 

සම්පත් බැංකුව යනු ශ්‍රී ලාංකේය ජනතාවගේ සිත් සතන් තුළ මුල් බැසගත් 100%ක් දේශීය බැංකුවකි. 1987 වසරේදී පිහිටුවන ලද සම්පත් බැංකුව නවීනතම මූල්‍ය ආයතනයක් බවට පත්ව ඇති අතර එහි නොවෙනස් නව්‍යකරණ පියවර හා ගනුදෙනුකරුවන් ඉලක්ක කරගත් ව්‍යාපාරකරණය හේතුවෙන් අදටත් වෙළෙඳපොල ප්‍රමුඛයා ලෙස ඉදිරියට යමින් සිටියි. ශ්‍රී ලංකාවේ ප්‍රථම ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රය, බැංකු කාලය දීර්ඝ කිරීම, slip-less බැංකුකරණය ආදී මෙරට බැංකු ක්ෂේත්‍රයට නවතම හඳුන්වාදීම් සිදු කර ඇති සම්පත් බැංකුව 2020 වසරේදී සාම්ප්‍රදායක බැංකුකරණයෙන් ඔබ්බට යමින් ස්ථාවර තාක්ෂණික බැංකුකරණ සමාගමක් බවට පරිවර්තනය වෙමින් සිටියි.

Leave a Comment

fifteen − 15 =

සබැඳි සටහන්....