මහ බැංකු අධිපතිත් ඉල්ලා අස්වීමේ තීරණයක

by Dharma sri Asanka

ශ්‍රී ලංකා මහ බැංකුවේ වත්මන් අධිපති මහාචාර්ය ඩබ්ලිව්.බී. ලක්ෂ්මන් මහතා සිය තනතුරෙන් ඉල්ලා අස්වීමට තීරණය කොට ඇති බව එහි අභ්‍යන්තර ආරංචි මාර්ග සඳහන් කරන බව ලංකා නිව්ස් වෙබ් වාර්තා කරයි.

ඒ ඊයේ ජනාධිපතිවරයා සමඟ පැවති සාකච්ඡාවේදී ජනාධිපතිවරයා විසින් මහ බැංකු නිළධාරීන් විවේචනය කිරීමෙ ප්‍රථිලයක් ලෙසිනි.එහිදී ජනාධිපතිවරයා පවසා සිටියේ පවතින තත්වය හමුවේ රජයේ වැඩපිළිවෙල ක්‍රියාත්මක කිරීමට සහාය දිය නොහැකිනම් වහාම ඉල්ලා අස්වන ලෙසයි.

ජනාධිපතිවරයාගේ එම ප්‍රකාශය හේතුවෙන් මහ බැංකු අධිපතිවරයා දැඩි කළකිරීමෙන් සිටින බවද එම ආරංචි මාර්ග සඳහන් කරයි.

මූලාශ්‍රය – ලංකා නිව්ස් වෙබ්

Leave a Comment

three × five =

සබැඳි සටහන්....