අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ ආර්ථික වැදගත්කම අධ්යයනය වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst & Young පත් කරනු ලබයි.

by Dharma sri Asanka

ශ්‍රී ලංකා වෙළෙඳපොල සමීක්ෂණ සමාජයේ ^Market Research Society of Sri Lanka& සභාපතිනි සහ Quantum Consumer Solutionsහි හවුල්කාරිනී රෝෂණී ප්‍රනාන්දු මහත්මිය (වමේ සිට අසුන් ගෙන දෙවැන්නා) සහ Ernst & youngහි ජ්‍යෙෂ්ඨ හවුල්කරුවකු මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ උපදේශන ප්‍රධානී අර්ජුන හේරත් මහතා Ernst & young ශ්‍රී ලංකා සහ මාකොම් ^MarCom& එකමුතුවේ නියෝජිතයන් ඉදිරියේ අදාළ ගිවිසුම් අත්සන් කළ අවස්ථාව.

වමේ සිට අසුන්ගෙන – අන්තර්ජාතික දැන්වීම්කරණ සංගමයේ ^International Advertising Association& සභාපති තාරක රන්වල මහතා , ශ්‍රී ලංකා වෙළෙඳපොල සමීක්ෂණ සමාජයේ ^ Market Research Society of Sri Lanka & සභාපතිනි සහ Quantum Consumer Solutionsහි හවුල්කාරිනී රෝෂණී ප්‍රනාන්දු මහත්මිය, Ernst & youngහි ජ්‍යෙෂ්ඨ හවුල්කරුවකු මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ උපදේශන ප්‍රධානී අර්ජුන හේරත් මහතා, ශ්‍රී ලංකා මුද්‍රණකරුවන්ගේ සංගමයේ ^Sri Lanka Association of Printers& සභාපති ඩෙලන් ද සිල්වා මහතා ඡායාරූපයේ වේ.

ශ්‍රී ලාංකීය ආර්ථිකය හා මෙරට අලෙවිකරණ සන්නිවේදන කර්මාන්තයේ දායකත්වය පිළිබඳ සවිස්තරාත්මක අධ්‍යනයක් සිදු කිරීම වෙනුවෙන් MarCom එකමුතුව විසින් Ernst and Young Sri Lanka (EYSL) පත් කර ඇත.

MarCom එකමුතුව යනු COVID-19හි විනාශකාරී බලපෑමෙන් පසු එකට එක්වූ අලෙවිකරණ හා දැන්වීම්කරණ කර්මාන්තයේ සංගම්, ව්‍යාපාර සහ වෘත්තිකයින් පිරිසකි.

මෙම අංශය දැන්වීම්කරණ, වෙළෙඳපොල පර්යේෂණ, අවස්ථා නිර්මාණය, ඡායාරූපකරණය, වීඩියෝ සහ ශ්‍රව්‍ය නිෂ්පාදන, මාධ්‍ය සැලසුම්කරණය, ඩිජිටල්, මහජන සම්බන්ධතා, එළිමහන් දැන්වීම්කරණ, ටෙලි/ විකාශන මාධ්‍ය (රූපවාහිනී, මුද්‍රිත, ගුවන් විදුලිය සහ අන්තර්ජාල මාධ්‍ය), සම්මන්ත්‍රණ වැඩමුළු හා ප්‍රචාරණ වැඩසටහන් ආයතන, මුද්‍රණ හා ඇසුරුම්කරණ ඇතුළු අලෙවිකරණ සන්නිවේදනය හා සම්බන්ධ විවිධ ව්‍යාපාරයන්ගෙන් සමන්විත වේ.

වසා දමා තිබූ කාලය තුළදී MarCom එකමුතුව විසින් සියලු දැන්වීම්කරණ හා ප්‍රවර්ධන හා සම්බන්ධ ව්‍යාපාර පිළිබඳ මූලික සමීක්ෂණයක් පවත්වා ඇති අතර එහිදී විවිධ අංශ 12ක් පුරා විහිදුණු සංවිධාන 659කින් ඒ වෙත ප්‍රතිචාර ලැබී ඇත. මෙම නියැඳිය තුළින් අදාළ ක්ෂේත්‍ර යටතේ 50% සිට 60% දක්වා ප්‍රමාණයක් නියෝජනය කරනු ඇති බව එම එකමුතුවේ විශ්වාසයයි. හදිසි ප්‍රතිසාධනයක අවශ්‍යතාව සහිත,රටෙහි ආර්ථික ප්‍රගමනය සඳහා ඉතා වැදගත් කර්මාන්ත පිළිබඳ ගැඹුරු අවබෝධයක් ලබා ගැනීම සඳහා මෙම පත් කිරීම හරහා EYSL විසින් ඉදිරියට ගෙන යනු ලබයි.

MarCom එකමුතුව විසින් උපයන ලද ආදායම සහ ලබා දෙන සේවා නියුක්තිය අනුව කර්මාන්තයේ වටිනාකම මැන බැලීමට කටයුතු කරනු ලබයි. දේශීය ආර්ථිකයට ඉන් ලබා දෙන දායකත්වය අගය කිරීම වෙනුවෙන් කර්මාන්තය අනෙකුත් ප්‍රධාන කර්මාන්තයන් සමඟ සංසන්දනය තුළින් කඩඉම් සනිටුහන් කරමින් සිදු කරන එම සමීක්ෂණයේදී COVID-19  ගෝලීය වසගතය එම අංශය වෙත සිදු කර ඇති බලපෑම පිළිබඳවද පැහැදිලි කරනු ඇත. මෙම අධ්‍යයනයෙන් ඉදිරිපත් කරන ලද ප්‍රතිපල තුළින් කර්මාන්තයට රජය ඇතුළු ප්‍රධාන හවුල්කරුවන් සමඟ වඩා හොඳින් කටයුතු කිරීමට හැකි වනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ ශ්‍රී ලංකා වෙළෙඳපොල සමීක්ෂණ සංගමයේ සභාපතිනි සහ Quantum Consumer Solutions හි හවුල්කාරිනී රෝෂණී ප්‍රනාන්දු මහත්මිය “අපි අපගේ මූල්‍ය වර්ෂය පාස්කු ඉරු දින ප්‍රහාරයත් සමඟ ආරම්භ කළ අතර COVID -19 සමඟ අවසන් කරනු ලැබුවා. 2019/2020 අවසන් කාර්තුවේ සාමාන්‍යය පෙර වසරේ එම කාර්තුවට වඩා 50%ක පමණ අඩුවීමක් වාර්තා කළ අතර ඉදිරි මූල්‍ය වර්ෂයට අදාළ අපේක්ෂාවන් නව ලෝකයත් සමඟ තරඟ කිරීමට දුෂ්කර තත්වයක පවතිනවා. අපගේ වියදම්වලින් වැඩි කොටසක් ස්ථාවර ස්වභාවයකින් පවතින හෙයින් යම් පාඩුවක් කළමනාකරණය කර ගැනීමට සිදුවන අතර මෙහෙයුම් අඩු කිරීමට අපි සියලු දෙනා තීරණය කළ හොත් එය ආර්ථිකයට අහිතකර තත්වයක් උදා කරමින් වෙනත් සමාජ ප්‍රශ්නවලටද හේතු වනු ඇත. අපගේ ආර්ථිකය නගා සිටුවීම වෙනුවෙන් ඉල්ලුම ඉහළ නැංවීම සඳහා MARCOM කර්මාන්තයට වැදගත් කාර්යභාරයක් පැවරී ඇති බැවින් මෙම තත්වය වළක්වා ගැනීමට අපට අවශ්‍යයි.” යනුවෙන් පවසා සිටියාය.

සති 8ක ගැඹුරු අධ්‍යයනයකින් පසු කර්මාන්ත ශක්තිමත් කිරීම සඳහා ක්‍රියා මාර්ග සකස් කිරීම සහ ආර්ථිකය ගොඩනැංවීම සඳහා රජය ගනු ලබන උත්සාහයන්ට සහාය විය හැකි ආකාරයන් හඳුනා ගැනීම සදඟා MarCom එකමුතුව සමඟ EYSL කටයුතු කරනු ඇත.

මෙහිදී අදහස් දැක්වූ Ernst & youngහි ජ්‍යෙෂ්ඨ හවුල්කරුවකු මෙන්ම ශ්‍රී ලංකාවේ සහ මාලදිවයිනේ උපදේශන ප්‍රධානී අර්ජුන හේරත් මහතා සඳහන් කර සිටියේ “වර්තමාන තත්වයට ප්‍රතිචාර ලෙස පවුල, සේවකයින්, ගනුදෙනුකරුවන් සහ මහජනතාව ආරක්ෂා කිරීම සඳහා වඩා හොඳ අභිප්‍රේරණයන් සමඟ පාරිභෝගික වටිනාකම් වෙනස් වෙමින් පවතිනවා. ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා වෙනස් වන පාරිභෝගික වටිනාකම් සහ අභිප්‍රේරණයන් අතර ඉල්ලුම ඉහළ නැංවිය යුතුයි. මෙම සන්දර්භය තුළ අලෙවිකරණ හා සන්නිවේදන කර්මාන්තයට සමාජය සහ වාණිජ ලෝකය මෙහෙයවීමේදී දැන් සිට නව සාමාන්‍ය තත්වයට හා ඉන් ඔබ්බට ගෙන යාම වෙනුවෙන් වැදගත් කාර්ය භාරයක් පැවරී ඇති බව පැවසිය හැකියි. මෙම අංශය පිළිබඳ පුළුල් අධ්‍යයනයක් කිරීමට සහ කර්මාන්තයේ පුනර්ජීවනය වෙනුවෙන් ක්‍රියා මාර්ග සිතියමක් සකස් කිරීමට MarCom එකමුතුව සමඟ එක් වීමෙන් අවශ්‍ය ශක්තිය ලබාදීමට හැකිවීම පිළිබඳව අපි ඉතාමත් සතුටට පත් වෙනවා.” යනුවෙනි.

COVID-19 වසංගතය හේතුවෙන් රජය මුහුණ දී ඇති මූල්‍යමය තත්වය පිළිබඳව මනා අවබෝධයකින් කටයුතු කරන එකමුතුව මූල්‍ය සහනයන් ලබා නොගැනීමට තීරණය කොට ඇත. එම සහනය කර්මාන්තයන් විසින් ආර්ථිකය වෙත ගෙන එනු ලබන සහයෝගය අවතක්සේරු කිරීමක් ලෙස දැකිය හැකිය. සමස්ත කර්මාන්තයම උනන්දු කරවන වෙළෙඳ ප්‍රචාරණ ආයෝජනයන් සහ ඒ වෙනුවෙන් වන ආර්ථික හැකියාවන් සඳහා අදාළ මූල්‍ය ප්‍රතිපත්ති ලිහිල් කිරීම වෙනුවෙන් MarCom එකමුතුව රජය සමඟ සහයෝගීතාවයෙන් කටයුතු කිරීමට බලාපොරොත්තු වේ. කර්මාන්තයේ අඛණ්ඩතාව බොහෝ දුරට රඳා පවතින්නේ රජයට සහ කර්මාන්තයට අන්‍යෝන්‍ය වශයෙන් වැදගත් වන ප්‍රායෝගික ප්‍රතිපත්ති ප්‍රතිසංස්කරණය මත බව ඔවුන්ගේ විශ්වාසයයි.

Leave a Comment

one × two =

සබැඳි සටහන්....