අලියාන්ස් ලංකා COVID-19 ට එරෙහිව සටන් කිරීම වෙනුවෙන් කොතලාවල ආරක්ෂක විශ්වවිද්යාලයට දිරි දෙයි.

by Dharma sri Asanka

අලියාන්ස්  ශ්‍රී ලංකා හි කළමනාකාරීත්වය සහ සේවක ප්‍රජාව පසුගියදා ශ්‍රීමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලය සමඟ අත්වැල් බැඳගනිමින් COVID-19 පරීක්ෂණ සඳහා වන රුපියල් මිලියන 4ක් වටිනා High Performance Real Time Quantitative PCR (RT-qPCR)  යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට කටයුතු කරන ලදී.

මේ පිළිබඳව අදහස් දැක්වූ අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා හි අධ්‍යක්ෂ/ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම් මහතා සඳහන් කර සිටියේ “ මේ ආකාරයේ අභියෝගාත්මක අවස්ථාවන්හිදී කොරෝනා වසංගතයට එරෙහිව සටන් කිරීමට ඒ වෙනුවෙන් කැපවන ආයතනයන් වෙත පෞද්ගලික අංශයේ පූර්ණ සහයෝගය ලබා දීම අතිශය වැදගත්ය. මහජනතාවගේ සෞඛ්‍ය තත්වයනට වන අහිතකර බලපෑම අවම කිරීම සදඟා ත්‍රිවිධ හමුදාවේ සහ සෞඛ්‍ය අංශයේ සියලු වෘත්තිකයන්ගේ නිරන්තර කැපවීම අප ඉතා ඉහළින් අගය කර සිටිමු. ඔවුන්ගේ උත්සාහයට තව දුරටත් සහාය දැක්වීම වෙනුවෙන් පරීක්ෂණ තුළින් COVID-19 නිවැරදිව හඳුනා ගැනීමටත්, එම වසංගතය පරාජය කිරීමටත්  නවීන උපකරණ හා විසඳුම් අත්‍යාවශ්‍ය බව අපි තරයේ විශ්වාස කර සිටිමු. ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව හා යහ පැවැත්ම වෙනුවෙන් නිරන්තරයෙන් කැපවී සිටින ගෝලීය රක්ෂණ සැපයුම් කරුවෙකු ලෙස ශ්‍රිමත් ජෝන් කොතලාවල ආරක්ෂක විශ්ව විද්‍යාලයේ COVID-19 පරීක්ෂණ කටයුතු සඳහා ඉහළ කාර්ය සාධනයකින් යුත් Real Time Quantitative PCR (RT-qPCR) යන්ත්‍රයක් ප්‍රදානය කිරීමට හැකි වීම අප මහත් ගෞරවයක් කොට සළකන්නෙමු.” යනුවෙනි.

අලියාන්ස් ලංකා පිළිබඳව

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් සහ අලියාන්ස් ලයිෆ් ඉන්ෂුවරන්ස්  ලංකා ලිමිටඞ් යන සමාගම් වලින් සමන්විත අලියාන්ස් ලංකා, රක්ෂණ හා වත්කම් කළමනාකරණ ව්‍යාපාර සද           හා ගෝලීය සේවා සපයන්නෙකු වන ( මියුනික් ජර්මනිය) අලියාන්ස් SE හි පූර්ණ හිමිකාරීත්වය දරන ආයතනයකි. 2005 වසරේදී හරිත – ක්ෂේත්‍ර මෙහෙයුම් තුළින් ආරම්භ වූ අලියාන්ස්ලංකා මෙරට වේගයෙන් වර්ධනය වන රක්ෂණ සේවා සපයන්නෙකු බවට පත්ව ඇත. දේශීය විශේෂ`ඥතාව සමඟ ගෝලීය කර්මාන්තයේ හොඳම භාවිතයන් තුළින් අලියාන්ස් ලංකා ල රක්ෂණ හවුල්කරුවකු ලෙස ඉහළ වටිනාකමකින් යුත්  දේශීය යටිතල පහසුකම් ව්‍යාපෘති ගණනාවක් අධීක්ෂණය කර ඇති අතර පුළුල් පරාසයක නිෂ්පාදන හා සේවාවන් හරහා සිය ගනුදෙනුකරුවන්ගේ ව්‍යාපාරයන් වර්ධනයටද සහාය වනු ලබයි. එමෙන්ම ලෝක මට්ටමේ ජීවිත රක්ෂණ ආවරණයන් පුලුළුල් ලෙස ලබා දීම තුළින් සියලුම ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සහතික කිරීමෙහිලා අලියාන්ස්  ලංකා වැදගත් කාර්යභාරයක් ඉටු කරනු ලබයි.

අලියාන්ස් SE පිළිබඳව

මිලියන 92කට අධික ආයතනික හා පුද්ගලික ගනුදෙනුකරුවන් සහිත ලොව ප්‍රමුඛතම රක්ෂණ හා වත්කම් කළමනාකරුවකු ලෙස අලියාන්ස් සමූහය හඳුන්වා දිය හැකිය. අලියාන්ස් ගනුදෙනුකරුවන් හට දේපළ, ජීවිත හා සෞඛ්‍ය රක්ෂණයේ සිට ණය රක්ෂණ සේවා සහ ගෝලීය ව්‍යාපාර රක්ෂණ දක්වා පුළුල් පරාසයක විහිදුණු පුද්ගලික හා ආයතනික රක්ෂණ සේවාවන්ගෙන් ප්‍රතිලාභ හිමි වේ.

අලියාන්ස් යනු ලොව විශාලතම ආයෝජකයෙක් වන අතර එහි රක්ෂණ ගනුදෙනුකරුවන් වෙනුවෙන් යූරෝ බිලියන 650කට අධික මුදලක් කළමනාකරණය කරන්නකු වන අතර එහි වත්කම් කළමනාකරුවන් වන Allianz Global Investors සහ PIMCO විසින් තෙවන පාර්ශවීය වත්කම්වලින් ටි්‍රලියන 1.4ක් කළමනාකරණය කරනු ලබයි. එහි ව්‍යාපාර ක්‍රියාවලීන් සහ ආයෝජන තීරණයන්හි පාරිසරික හා සමාජීය නිර්ණායක ක්‍රමානුකූලව ඒකාබද්ධ කිරීම හේතුවෙන් Dow Jones තිරසාර දර්ශකයේ රක්ෂණ කරුවන් සඳහා වන ප්‍රමුඛ ස්ථානයක් දිනා ගැනීමට සමත්ව ඇත. 2019 වසර වන විට එහි රටවල් 70කට වැඩි ප්‍රමාණයක 142,000කට වැඩි ප්‍රමාණයක් විසින් යුරෝ බිලියන 130.6ක සමස්ත ආදායමක් ලබාගෙන ඇති අතර සමූහ මෙහෙයුම් ලාභය ලෙස යූරෝ බිලියන 11.5ක් වාර්තා කරනු ලැබීය.

වැඩිදුර විස්තර දැන ගැනීමට

සඳුනි කුලතුංග මිය

කළමනාකාරිණී – ආයතනික සන්නිවේදන,  වෙළෙඳපොල කළමනාකරණ

ජංගම – 0767990462

[email protected]

ඡායාරූප විස්තරය –

අලියාන්ස් ඉන්ෂුවරන්ස් ලංකා ලිමිටඞ් හි ප්‍රධාන අලෙවි නිළධාරී ඩෙනිස් හේවාගම, අධ්‍යක්ෂ/ ප්‍රධාන විධායක නිළධාරී ගානි සුබ්‍රමනියම්, ආරක්ෂක ලේකම් මේජර් ජෙනරාල් ( විශ්‍රාමික) කමල් ගුණරත්න, කොතලාවල ආරක්ෂක විශ්වවිද්‍යාලයේ උප කුලපති මේජර් ජෙනරාල් මිලින්ද මෙන්ඩිස්, වෛද්‍ය වරුණ නවරත්න, වෛද්‍ය දර්ශන් ද සිල්වා, වෛද්‍ය දිලිනි නාකවිට යන මහත්ම මහත්මීන් සහ ආරක්ෂක අමාත්‍යාංශයේ කාර්ය මණ්ඩලය ඡායාරූපයේ වේ.

Leave a Comment

3 × one =

සබැඳි සටහන්....