“අප්‍රේල් 21 ප්‍රහාරයේ විමර්ශන ගැන සෑහීමකට පත්වෙන්න බැහැ” – මැල්කම් කාදිනල් රන්ජිත් අගරදගුරු තුමා

පාස්කු ඉරුදින බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් සිදුකරනු ලබන විමර්ශන පිළිබඳ කිසිසේත්ම සෑහීමකට පත්විය නොහැකි බවත්, හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පත්කළ කොමිසමෙන් සිදුකරනු ලබන පරීක්ෂණ පිළිබඳ පමණක් සතුටට පත්විය හැකි බවත් මැල්කම් කාදිනල් රංජිත් අගරදගුරු තුමා පවසයි.

පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරනු ලැබූ ඇතැම් කොමිසන් සභා මගින් එම ප්‍රහාරයේ සත්‍ය තොරතුරු අනාවරණය වීම යටපත් කළ බවද එතුමා සඳහන් කළේය.

ඒ, ඊයේ (18) කොළඹ අගරදගුරු නිවසේ පැවති මාධ්‍ය හමුවකදී ය.

විවිධ කොමිසන් සභා පාස්කු ප්‍රහාරය පිළිබඳ කරුණු සොයා බැලුවද මෙරට ආරක්ෂක අංශ පාස්කු ඉරුදින ප්‍රහාරය සම්බන්ධයෙන් කරුණු සෙවීමට කිසිඳු වැඩපිළිවෙළක් දියත් කරන බවක් මෙතෙක් පෙනෙන්නට නැතැයි ද එතුමා වැඩිදුරටත් පවසා සිටියේය.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here