මුලතිව් සමූහ මිනී වල ගැන එක් අභිරහසක් විසඳෙයි

මුලතිව් මාන්කුලම රෝහල් භූමියෙන් හමුවන මිනිස් අස්ථි කොටස් දෙස බලන විට එම පුද්ගලයින් ඝාතනය වී ඇත්තේ වෙඩි තැබීමෙන් බව කැණීම් බාර නිලධාරීන් පවසනවා.

ඒ, මෙම මිනිස් අස්ථි කොටස් සමඟ පතුරම් හා පතුරම් කොපු හමුවීම හේතුවෙන්.

මෙතෙක් සොයා ගත් මිනිස් අස්ථි කොටස් පරීක්ෂාවට ලක් කළ කිලිනොච්චිය රෝහලේ අධිකරණ වෛද්‍ය නිලධාරීවරයා සඳහන් කළේ, මෙම මිනිස් අස්ථි කොටස් වසර විස්සකට වඩා පැරණි ඒවා බවයි.

මේ අතර එම මිනිස් අස්ථි කොටස් සමඟ දැනට හමු වී ඇති ඇදුම් හා කාන්තා පලඳනා වලට අනුව මේ ස්ථානයේදි මියගොස් ඇත්තේ සාමාන්‍ය වැසියන් පිරිසක් බවටද කැණීම් බාර නිලධාරීන් විශ්වාස කරනවා.

කෙසේ වෙතත් කැණිම් වලදී හමුවන අස්ථි කොටස් අතර විශාල ප්‍රමාණයේ අස්ථි කොටස් හෝ ඇටසැකිළි මෙතෙක් හමු වී නොමැති අතර සියලුම අස්ථි කුඩා කැබලි බවට පත්ව තිබීමට හේතුව කුමක්දැයි මෙතෙක් පැහැදිලි නිගමනයකට පැමිණීමට නොහැකි වී තිබෙනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here