අත්අඩංගුවට ගන්න ගංජා දේශීය ඖෂධ නිෂ්පාදනයට දෙන්න – ජනාධිපති කියයි

පොලිසිය සහ සුරාබදු දෙපාර්තමේන්තුව විසින් දිවයින පුරා සිදු කරන වැටලීම්වලින් භාරයට ගන්නා ගංජා ආයුර්වේද ඖෂධ නිෂ්පාදනය සඳහා කඩිනමින් ලබා ගැනීමට නීති රීති සකස් කරන ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ සෞඛ්‍ය සහ දේශීය වෛද්‍ය සේවා අමාත්‍යාංශයට දැනුම් දී තිබෙනවා.

මේ වන විට දේශීය ඖෂධ නිෂ්පාදනය සඳහා අවශ්‍ය ගංජා ඉන්දියාවෙන් ආනයනය කරනවා. දිවයින පුරා සිදු කරන වැටලීම්වලින් අත්අඩංගුවට ගන්නා ගංජා තොග නඩු භාණ්ඩ ලෙස අධිකරණයට ඉදිරිපත් කරන අතර නඩුව අවසන් වූ පසු ගංජා තොගය ඖෂධ නිෂ්පාදන සඳහා ලැබෙන විට ජීව ගුණය හීන වී ඇති බව ආයුර්වේද වෛද්‍යවරුන් පෙන්වා දෙනවා.

එම නිසා අත්අඩංගුවට ගන්නා ගංජාවලින් සුළු ප්‍රමාණයක් නඩු භාණ්ඩ ලෙස ඉදිරිපත් කර සෙසු කොටස දේශීය ඖෂධ නිෂ්පාදනයට කඩිනමින් ලබා ගැනීම සඳහා නීති රීති සකස් කරමින් පවතිනවා.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here