මහනුවර ඇහැලේපොළ වලව්ව – මුස්ලිම් විද්‍යාලයකට

මහනුවර ඇහැලේපොළ වලව්ව මුස්ලිම් විද්‍යාලයක් ඉදිකිරීම සදහා මුස්ලිම් ප්‍රජාව විසින් ඉල්ලා තිබේ. දැනට මුස්ලිම් දරුවන් සඳහා වෙන් වූ එකම පාසල දුර්දීන් විද්‍යාලය යි.

පුද්ගලිකව මුස්ලිම් ව්‍යාපාරිකයන් පිරිසක් හමුවේ මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රී වරයා විසින් කළ ප්‍රකාශයක් අනුව මුස්ලිම් ප්‍රජාව රජය වෙත මෙම ඉල්ලීම ඉදිරිපත් කර තිබේ.

අතීතයේ ඇහැලේපොළ මහා අධිකාරම් තුමා වාසය කළ වලව්ව ඉංග්‍රීසි ආණ්ඩු කාලයේ බන්ධනාගාරයක් බවට පත් කරන ලදී.

කෙසේ වෙතත් රිමාන්ඩ් බන්ධනාගාරය මෙම වලව්වට හිමි ඉඩමෙන් ඉවත් කිරීමෙන් අනතුරුව මහනුවර නගරයේ දැනට යම් සංවර්ධන කටයුත්තක් කිරීමට ඉතුරුව තිබෙන විශාලතම භූමි භාගය මෙයයි. මද්දුම බණ්ඩාර නම් ජාතික වීරයා හැදුණු වැඩුණු නිවස මෙම ඇහැලේපොළ වලව්වයි.

ඇහැලේපොළ වලව්වේ රිමාන්ඩ් බන්ධනාගාරය ඉවත් කිරීමෙන් අනතුරුව හිර ගෙදරක් වසා පාසලක් විවෘත කිරිම යන සංකල්පය යටතේ මුස්ලිම් ව්‍යාපාරිකයන් බොහෝ දෙනෙක් රජයට සහ දේශපාලනඥයන්ට මෙම ඉඩමේ මුස්ලිම් පාසලක් ඉදිකර දෙන ලෙස ඉල්ලා ඇත.

මහනුවර නගරයේ මුස්ලිම් ජනතාවට තම ආගම සහ ජාතියට අනුව අධ්‍යාපනය හැදෑරීමට ඉතිරිව තිබෙන්නේ එකම පාසලකි.

මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා අදාල පාසල මහ නුවර නගරයේ ඉදි කිරීමට ස්ථිර පොරොන්දුවක් ලබාදුන් බව මුස්ලිම් ප්‍රජාව ප්‍රකාශ කරයි.


ගිහාන් ලක්ෂිත – මහනුවර

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here