“කැළණියේ නාග ධාතුව” ගෝඨාගේ වැඩක් බව පැහැදිලි වෙයි

ජනාධිපතිවරණ ප්‍රචාරණය අවසන් වන්නට ඔන්න මෙන්න තිබියදී කැළණියෙන් නාග ලෝකයෙන් වැඩම කළා යයි කියන ධාතුවක් මතු වුනේ ය. එය දෙරණ නාලිකාවෙන් සහ තවත් බොහෝ වෙබ් අඩවි වලින් උඩ දමාගෙන ප්‍රචාරය කලේ ය. ඒවා අතාර්කික ය, මිත්‍යාවන් ය, අවිද්‍යාත්මක ය….

හොඳම කාරණාව නම්, කැලණියේ විහාරාධිපති කොල්ලුපිටියේ මහින්ද සංඝරක්ඛිත හිමි ප්‍රකාශ කරන්නේ 2020 වර්ෂය වෙනකොට හොඳ නායකත්වයක් ලැබිලා හොඳ දේශයක් ගොඩ නගන්නට අවකාශය සැලසෙනවා කියලා දැනුනු බව සඳහන් කිරීමයි. ඒ නොකියා කියන්නේ ගෝඨා ගැන බව මොලයක් ඇති ඕනෑම කෙනෙකුට වැටහෙන කාරනාවකි.

එමෙන්ම උදාර මධුසංඛ නම් ගුප්ත විද්‍යා විශාරදයෙක් යයි කියනා පුද්ගලයෙකු විසින් කරන ප්‍රකාශයත් විහිළුවකි. මීට වසර කිහිපයකට පෙර ඔහු බුදු වුනා යයි කියමින් කැළණි විහාරයේ නාඩගමක් නැටුවේය. දැන් නාග ලොවින් ධාතුවක් වැඩම කළා යයි කියමින් තවත් නාඩගමක් නටන්නේ ය.

උදාර මධුශංඛ නම් මෙම පුද්ගලයා ගැන දෙරණ මාධ්‍ය ජාලයට අයත් ගොසිප් වෙබ් අඩවියක් වන (webgossip.lk) හි පළ වුනු “සමන්තබද්‍ර හිමි පරදා කැළණියේදී බුදු වූ තරුණයාගේ කැරට්ටුව මෙන්න” ලිපිය සහ එහි පළ වුනු ඡායා රූප බැලීමට ඔබට පහත මෙතැනින් යා හැකිය.

එමෙන්ම ඔහු පෙන්වන ධාතු කරඬුව නයෙකුගේ කටින් ගත්තා යයි කියන එකක් වූවත් නයෙකුට තියා ඇනකොන්ඩාවෙකුට වත් කටේ තියාගත නොහැකි තරම් ලොකු කරඬුවකි. එමෙන්ම මෙලොව ජීවත් වන මානව වර්ගයාටත් වඩා හොඳ පිත්තල හෝ සුදු යකඩ කැටයම් කරුවන් නාග ලෝකයේ සිටිනවා යයි සිතිය හැකි තරමේ විචිත්‍රවත් කැටයමින් යුත් කරඬුවකි.

මෙය ගෝඨාභයගේ ප්‍රචාරණයේ කොටසක් බව පැහැදිලි වන ප්‍රධානම කාරනාව වන්නේ, කැලණිය ප්‍රදේශයේ සමහර නිවෙස්වලට ගිය කණ්ඩායමක් මේ ධාතු පහල වෙලා තියෙන්නේ 2020 දී හොඳ නායකයෙක් ලැබෙන නිසා යයි කියමින් මතයක් ගොඩ නැගීමටත් උත්සහ කර තිබීමෙනි.

මෙම නාග ධාතුවේ කතාව වැඩි පිරිසක් කැළණියට ගෙන්වා ගැනීමටත්, 2020 හොඳ පාලකයෙක් ලැබෙනවා යන්න මහජනතාව තුල හිතලුවක් නිර්මාණය කිරීමටත් බව මේ සියලුම දේවල් වලින් පැහැදිලි වන කාරණාවයි.

එමෙන්ම අද ගෝඨාභයගේ රැළියක් කැලණිය විහාරය අසල බස් නැවතුමේ සූදානම් වෙමින් පවතී.

අද දින රාත්‍රී 12න් ප්‍රචාරණ කටයුතු අවසන් කිරීම කළ යුතු වුවත්, ප්‍රචාරණය හැර වෙනත් ආකාරවලින් ගෝඨාභය රාජපක්ෂ තමන්ගේ මැතිවරණ ව්‍යාපාරය පවත්වාගෙන යාමට සූදානමක් ඇති බවත් වාර්තා වෙයි. ඒ පන්සල්වල විවිධ සෙත් පැතීමේ පූජා සහ ආගමික වතාවත් මඟිනි.


මේ ඒ පිළිබඳව සමාජ මාධ්‍ය තුල දක්නට ලැබුණු අදහසකි.

LEAVE A REPLY

Please enter your comment!
Please enter your name here